Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

31st May 2016 18:35:10 Hours

‘කාර්යක්ෂමතාව’ පිළිබඳ වැඩමුළු අංක 03 පැවැත්වේ

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී මැයි මස 26 - 27 යන දිනයන්හි නිලධාරින් 36 දෙනෙකු සඳහා වැඩමුළුවක් පවත්වන ලදි. එම වැඩමුළුවෙහි ආරම්භක දේශනය වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශන විසින් සිදු කරනු ලැබීය. මෙහිදි ‘කාර්යක්ෂමතාව’ පිළිබඳ දේශනයක් ද ඇතුලුව වැදගත් කරුණුකාරණා රැසක් ඉස්මතු කරමින් සාකච්ඡා පැවැත්විය. රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඥාලීන්ද ප්‍ර‍මුදිත් කණ්ඩම්බි මහතා විසින් ‘Enhancing of efficiency through team work’ මැයෙන් මෙම වැඩමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලදි.