Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2016 01:39:56 Hours

රණවිරු සම්පත් කේන්ද්‍ ාය තෙවන වසර සමරයි

රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා වෘත්තීය දැනුම ලබාදීමේ අරමුණින් වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද රණවිරු සම්පත් කේන්ද්‍ර‍ සිය තෙවන සංවත්සරය අභිමානයෙන් සැමරීය. ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන් සහ අනෙකුත් සැමරුම් වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නංවනු ලැබුවේ එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.එම් මනතුංගගේ උපදෙස් අනූවය. ඒ අනුව මැයි මස 17 වන දින දෙල්ගොඩ උඩුපිල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ශ්‍ර‍මදාන වැඩසටහනක් ද, ඊට පසු දින කැළණිය රජමහා විහාරයේ දි බෝධි පූජා පිංකමක් ද නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් සිදු කළ අතර, ඉන් අනතුරුව මෙම අවස්ථාව සිහිගන්වමින් රණවිරු සම්පත් කේන්ද්‍ර‍යේ සේනාවිධායක සමඟීන් සමුහ ඡායාරූපයකට පෙනි සිටිම ද මෙහිදි සිදුකෙරිනි. එදිනම වත්තල ශුද්ධ වූ ලාතරස් මුනිඳු කතෝලික දේවස්ථානයේ දී ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත් වූ අතර, මැයි මස 19 වන දින හේකිත්ත ශිවසුබ්‍ර‍නියම් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් ද පැවැත්විය. මිට සමගාමිව අභිනවයෙන් ඉදි කරන ලද සෙසු නිල භෝජනාගාරය මැයි මස 20 වන දින පුනරුත්ථාපන අධ්‍යක්ෂකගේ සුරතින් විවෘත කරන ලදි. අඟහරුවාදා (24) දින මෙම රණවිරු සම්පත් කේන්ද්‍ර‍යේ භට පිරිස් විසින් එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.එම්. මනතුංග වෙත ආරක්ෂක සම්මාන මුරයක් පිරිනැමූ අතර, හෙතෙම විසින් මෙම තෙවර්ෂ පූර්ණය සිහිවීම වස් එම භූමියේ නෙල්ලි පැළයක් රෝපණය කොට භට පිරිස් ඇමතීම සිදු කරන ලදී. එදිනම සංවත්සර වැඩසටහනට සමගාමිව දානමය පිංකමක් ද පැවැත්විය.Running sport media | NIKE AIR HUARACHE