Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st May 2016 01:11:37 Hours
ගංවතුරින් විපතට පත් වැසියන් සඳහා තවදුරටත් යුද හමුදාවේ සහාය ලබාදෙයි
දිවයිනේ ගංවතුර තත්වයට මුහුණුදුන් ප්‍රදේශවලට යුද හමුදාව මැදිහත් වී ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව නවතම වාර්තාවලිට අනූව ආරක්ෂක සේනා මූලස්ථාන තහවුරු කර සිටී. යුද හමුදාපතිතුමාගේ මූලික උපදෙස් අනූව භට පිරිස්, රාජ්‍ය බලධාරීන් සහ අනෙකුත් ආයතන සමඟ එක්ව මෙම විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කටයුතු කරති. කිලිනොච්චිහි පුනරීන් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය නිසා එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 66 වන සේනාංකයට අයත් 663 බල සේනාවේ භට පිරිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය සමඟ එක්ව ඇඳුම්, වතුර බෝතල්, වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් දෛනික අවශ්‍යතා සහිත පාර්සල් බෙදාදුන් අතර, 66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සෘජු මඟ පෙන්විම මේ සඳහා ලැබුණි. පරන්තන් හින්දු මහා විදුහලේ දී සහ මහාදේව ළමා නිවාසයේ දී බ්‍රහස්පතින්දා (26) දින මෙම වැඩසටහන් ද්විත්වය පවත්වන ලදී. කොළඹ පිහිටි යුනියන් මිෂන් ට්‍රස්ට් ආයතනය විසින් ගංවතුර නිසා අවතැන් වූ පවුල් 74 කට සහ දරුවන් 400 දෙනෙකු සඳහා මෙම ද්‍රව්‍ය බෙදාදීමට උපකාර කළ අතර, 663 බල සේනාව සහ සිවිල් බලධාරින් මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබීය. මෙලෙස අවතැන් වූ අයවලුන් සඳහා මුලික අවශ්‍යතාවයන් සැපයීම රජයේ සහ වෙනත් ආයතන මගින් ද සිදු කෙරිනි. තව ද බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකයේ 141 බල සේනාවට 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් භට පිරිස් බියගම සහ ඒ අවට ප්‍රදේශවල ගං වතුර තර්ජනයට ලක් වූ ජනතාවට අවශ්‍ය පිසූ ආහාර පාර්සල්, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමට බදාදා (25) දින කටයුතු කලහ. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ භට පිරිස් ගංවතුරෙන් දැඩි හානි සිදු වූ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අවතැන් වූ ජනතාව වෙත සහන සැපයීම සිදු කරන ලද අතර, ඔවුන් අනෙකුත් යුද හමුදා භට පිරිස් සමඟ එක්ව කඩිනමින් ආරක්ෂාකාරිව විපතටපත් වැසියන් සියගණනක් බේරාගැනීම ද සිදු කරන ලදි. තවද මෙම ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ භට පිරිස් ඔවුන්ගේ වාහන උපයෝගී කරගනිමින් අසනීප තත්වයේ පසුවන සහ දුබලතා සහිත වැසියන් ආරක්ෂාකාරි ස්ථාන වෙත රැගෙන යන ලදි. බදාදා (24) දින මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ සහභාගීත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් ‘Kandy Off Road and Adventure’ සමාජයේ සාමාජිකයින්ගේ දසහාය ඇතිව ගංවතුරින් විපතට පත් බේරවිල වැසියන් සඳහා වියළි සලාක බෙදාදීම සිදුකෙරිනි. එමෙන්ම, මෙම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 2 වන ශ්‍රී ලංකා යුද හමුදා රයිෆල් බලකා භට පිරිස් විසින් සිනමන් ගාර්ඩන් ආයතනයේ අනුග්‍රහය ඇතිව පටිතලාව විද්‍යාලය, බේරවිල විද්‍යාලය, බේරවිල විහාරස්ථානය, ඇපල් වත්ත ප්‍රජා ශාලාව සහ ලෝකානන්ද විහාරස්ථානය යන ස්ථානයන්හි ස්ථානගතව සිටි අවතැන්වූවන් සඳහා අවශ්‍ය බඩුබාහිර ආදිය ලබාදීම බදාදා (25) දින සිදු කරන ලදි. තවද, මෙම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් රුවන්පුර ග්‍රාමසේවා වසමේ පිහිටි වැවේ වැව් බැම්ම කැඩියාම හේතුවෙන් එය පිළිසකර කිරීමේ කටයුතු මැයි මස 24 වන දින සිදු කරන ලදි. ආගමික නායකයින්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් මෙන්ම ළමුන් ද ඇතුලුව සිවිල් වැසියන් බොහෝ පිරිසක් මෙම කටයුතු සඳහා දායකත්වය ලබාදීම සිදුකෙරිනි.
Best Sneakers
|
Nike