Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2016 02:58:21 Hours

විද්‍යුත් සන්නිවේදනය පිළිබඳ මධයම සෙබලුන්ට දැනුම ලබාදෙයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙසු නිලයින් 21 දෙනෙක් සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් එහි අණ දෙන නිලධාරි ලුතිතන් කර්නල් ජී.එස් ෆොන්සේකාගේ උපදෙස් මත පාඨමාලාවක් ආරම්භ කෙරිනි. වෘත්තීය පරීක්ෂණ ශ්‍රේණිය - II යටතේ ගුවන් විදුලි යන්ත්‍ර‍හැසිරවීමේ තාක්ෂණය, හුවමාරු ක්‍රියාකරු කටයුතු සහ තොරතුරු සන්නිවේදන කළමණාකරණය ආදි විෂයයන් මෙම පාඨමාලාවෙන් ආවරණය කෙරෙන අතර, එය දියතලාවේ දී ජූනි 24 දක්වා පැවැත්වේ. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන සෙබලුන් 21 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගි වූහ.jordan release date | Jordan Release Dates , Iicf