Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2016 19:12:13 Hours

මුලතිව්හි දී තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ආරම්භ කෙරේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය රාජකාරියේ නියුතු තම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඔරියන්ට් ඇකඩමි ආයතනයේ සංවිධානයෙන් නැණසල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දී මැයි මස 03 දින පරිගණක පාඨමාලාවක් ආරම්භ කරන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි එහි ආරම්භක අවස්ථාවේ දේශනය පැවැත්වීය. “ඔරියන්ට් ඇකඩමි ආයතනය” මෙම පරිගණක පාඨමාලාවට අදාල මානව සම්පත් දායකත්වය ලබා දෙනු ලැබේ. මෙම පාඨමාලාවේ ආරම්භක උත්සවයට නිලධාරින් මෙන්ම පාඨමාලාලාභී සෙසු නිලයින් ද සහභාගි වූ අතර, එය මැයි මස 18 වන දින අවසන්වීමට නියමිතය.best shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp