Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th April 2016 18:36:46 Hours

ශ්‍රී ලංකා යුද හමුදා හොකී ක්‍රීඩකයින් ලෝක හොකී ලීග් තරඟාවලියේ රිදී පදක්කමක් දිනා ගනී

ලෝක හොකී ලීග් තරඟාවලියේ පසුගිය අප්‍රේල් මස 06 - 18 දින දක්වා සිංගප්පූරුවේ පැවති පළමු අදියරේ තරඟ සඳහා යුද හමුදා හොකී ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම සහභාගි වූ අතර, එහි අනුශූරතාව දිනා ගනිමින් ඔවුන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දෙවන අදියරේ තරඟ සඳහා සුදුසුකම් ලැබීය. මෙහි අවසන් තරඟ සඳහා චීන කණ්ඩායම සමඟ තරඟ වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගෝල 4 - 2 ක් වශයෙන් පරාජය වුවද ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් වටයේ දී තායිලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 5 - 0 ක් ලෙස ලබා ගනිමින් ජයග්‍ර‍හණය හිමි කර ගත්හ. අවසන් තරඟයේ ලකුණු 3 - 3 ක් වශයෙන් ලබා ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්වයෙ සිටි අවස්ථාවේ තරඟ තීරක විසින් ජය පරාජය තීරණය කිරීමට අමතර ගෝල ලබා ගැනීමට ඉඩදීමේ දී පැවති ගෝල ලබා ගැනීමේ දී ශ්‍රි ලංකාවට ලබා ගැනීමට හැකි වුයේ ගෝල 4 - 2 කි. කෙසේ වුවද අවසන් තරඟය දක්වා යුද හමුදා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පැමිණි ගමනේ දී මියන්මාරයට එරෙහිව 7 - 0 ක්, සිංගප්පූරුවට එරෙහිව 2 - 1 ක්, කසකස්තානයට එරෙහිව 7 - 0 ක් සහ තායිලන්තයට එරෙහිව 5 - 0 ක් ලෙස ගෝල වාර්තා කරමින් එම කණ්ඩායම් පරාජයට පත් කරන ලදී. සති දෙකක කාලයක් පැවති ලෝක හොකී ලීග් තරඟාවලියේ පළමු අදියරේ දී යුද හමුදා ක්‍රීඩකයින් සිය කුසලතා ප්‍ර‍ර්ශනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජවය දෙමින් රිදී පදක්කමක් හිමි කර ගනු ලැබුවේ දෙවන ස්ථානයට පත් වෙමිනි.best Running shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092