Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd March 2016 17:11:47 Hours

ආපදා කළමනාකරණය පිළිබඳව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථනයෙහි 11 වන සේනාංකය යටතේ සිටින 2 වන ශ්‍රි ලංකා රයිෆල් බලකා සෙබලුන් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ පාඨමාලාවක් මාර්තු මස 7 සිට 11 වන දින දක්වා පවත්වනු ලැබීය. මෙහි දී හදිසි අවස්ථාවක දී ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව අදියර කිහිපයක් යටතේ පැහැදිලි කරනු ලැබීය. මෙහි නිදර්ශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ 2 වන අණදෙන නිලධාරීගේ අධීක්ෂණයට යටතේ මහවැලි නදිය අසබඩ දී පවත්වනු ලැබීය. දින හතරක් මුළුල්ලේ පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා නිලධාරී 01 ක් සහ සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගි වූහ. spy offers | Nike Air Max 270