Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2016 14:53:16 Hours

බටහිර සෙබලු ඩෙංගු මර්දන වැඩසටහනක

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග ඒකාබද්ධව මාර්තු මස 11 සහ 12 යන දිනයන් හි සිදු කරනු ලැබූ ඩෙගු මර්දන ව්‍යාපාරය සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම සෙබලුන් දායකත්වය ලබා දී ඇත. ඒ අනුව 14 සහ 58 සේනාංකයන්හි සෙබලුන් එක්ව මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන් අතර, ඒ සඳහා වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වය ද ලැබිණි. කොළඹ,ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිළියන්දල, හෝමාගම, කඩුවෙල, මහරගම, මොරටුව, අත්තනගල්ල, බියගම, කැළණිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල 14 වන සේනාංකයේ නිලධාරී සහ සෙසු නිලයින් 200 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූහ. 58 වන සේනාංකයේ මෙහෙයවීමෙන් කළුතර සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් පානදුර, හොරණ, වාද්දූව, බණ්ඩාරගම සහ මාතර යන ප්‍රදේශවල ඉහත දින දෙකෙහිදීම සිදු කළ මෙම වැඩසටහනට නිලධාරී 5 ක් සහ සෙසු නිලයින් 70 ක් සහභාගි වූහ. Running Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%