Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
16th February 2016 21:09:50 Hours
නිපෝන් මාරු නෞකාවේ පැමිණි විදේශික තරුණ පිරිසක් මිහිදු සෙත් මැදුරෙහි සංචාරයක
‘නිපෝන් මාරු’ නෞකාවේ පැමිණි විදේශීය තරුණ තරුණියන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, පුහුණුවීම්,සංස්කෘතික සැසි කිහිපයකට සහභාගිවන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ තරුණ සාමාජිකයින් 10 දෙනෙකු සමගින් සඳුදා(15) දින පූර්ණාබාධිත සෙබලුන් නේවාසික රැඳී සිටින අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි සංචාරයක නිරත වූහ. මිහිදු සෙත් මැදුරට පැමිණි එම කණ්ඩායම පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ තිරුවානකරුසු, නියෝජ්‍ය පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්.එස් රාජකරුණා, රාගම රණවිරු සෙවණේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් පී.එස් තිලකරත්න, එහි අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් බී.එල් රණසිංහ සහ මිහිඳු සෙත් මැදුරේ සේනාවිධායක කර්නල් අයි.ජී.ආර්.ජී බෝගොඩවත්ත ඇතුළු පිරිස විසින් පිළිගත් අතර, අමුත්තන් උඩරට වෙස් නර්තන ශිල්පීන්ගේ නර්තනයන් පෙරදැරිව මිහිඳු සෙත් මැඳුර වෙත කැටුව ගියහ. මෙහි දී රාගම රණවිරු සෙවණේ අණදෙන නිලධාරි විසින් මෙම නේවාසික සෙබලු පුනරුත්ථාපනය කරන ආකාරය, එහි කාර්යභාරය හා එමඟින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ, යුද හමුදාව මේ වන විට පවත්වාගෙන යන සුබසාධන නිකේතන ආදිය පිළිබඳ මෙම විදෙස් තරුණ නියෝජිත පිරිස දැනුවත් කළ අතර, යුද හමුදා සංස්කෘතික කණ්ඩායම එම පිරිස වෙත සංස්කෘතිකාංග ද ඉදිරිපත් කළෝය. අනතුරුව අමුත්තෝ මෙහි ප්‍රතිකාර ලබන සෙබලු සමඟ සුහද සාමීචියේ යෙදෙමින් ඔවුන්ගේ අත්දැකීම්, සෞඛ්‍යය තත්වය ආදි කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගත් අතර, එය අනෙකුත් ජාතීන් සමඟ අවබෝධතාවය වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් විය. එමෙන්ම මෙම නේවාසික සෙබලු සදා නිම කළ අත්කම් නිර්මාණ ඇතුලත් නිෂ්පාදනයන් විදෙස් නියෝජිත පිරිස වෙත දැක බලා ගැනීම පිණිස පෙන් වූහ. ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව හුවමාරු වැඩසටහන යටතේ ‘නිපොන් මාරු’ නෞකාවෙන් විවිධ ජාතීන්ට අයත් තරුණ තරුණියන් 250 දෙනෙක් සිවු දින සංචාරයක් සඳහා කොළඹ වරායට ගොඩ බට අවස්ථාවේ මෙසේ මිහිඳු සෙත් මැඳුරේ සංචාරය කළෝය.
url clone
|
[169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret