Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th January 2016 13:11:20 Hours
සාමය, සතුට පිරි සෞභාග්‍යවත් තෛපොංගල් මංගල්‍යයක් වේවා !
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝකවාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි. තෛපොංගල් මංගල්‍යය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය පහත සදහන් වේ. ලොව පුරා විසිරී සිටින හින්දු භක්තිකයන් විසින් අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන ‘සූරිය මංගල්‍යම්’ හෙවත් තෛපොංගල් උත්සවය සමරන, ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු බැතිමතුන් වෙත මාගේ බැතිබර සුභාශිංෂණය මෙසේ පිරිනමමි. කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු හින්දු ජනතාව විසින් සාම්ප්‍රදායානුකූලව සමරනු ලබන තෛපොංගල් උත්සවය යනු හින්දු ආගමික දින දර්ශනයට අනුව යෙදෙන සුවිශේෂී උත්සව අවස්ථාවකි. එහිදී සාර්ථක අස්වැන්නක් ලබාගැනීම සඳහා තමන්ට උපකාර කළ සූර්ය දෙවියන්, ගව මහේෂාධීන් ඇතුළු සොබාදහම වෙත භක්ත්‍යාදරයෙන් යුතුව සිය කෘතඥතාව දක්වමින් සමරනු ලබන මෙම උත්සවයේදී මිනිසා, සොබාදහම හා දෙවියන් අතර පවතින අවියෝජනීය බැඳීම තව තවත් වර්ධනය වී දෙවියන්ගේ ආශිර්වාද සමඟ සිය අනාගත අපේක්‍ෂාවන් සඵල වනු ඇතැයි හින්දු බැතිමත්හු විශ්වාස කරති. ශ්‍රී ලාංකේය හින්දු ජනයා පුරාණයේ පටන්ම අනෙකුත් ජනවර්ග හා ආගමික ප්‍රජාව සමඟ සාමකාමීව ජීවත්වෙමින් මෙම තෛපොංගල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ. හින්දු බැතිමතුන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකේය පුරවැසියන්ටම සාමයේ සුරක්‍ෂිතතාව අනාගතය උදෙසාද පවත්වාගෙන යමින්, ජාතිය, ජන වර්ගය, කුලය, ධනවත්කම හෝ සමාජ තරාතිරම අනුව නොව සියල්ලෝම මේ මිහිතලයේ පුරවැසියන් ලෙස සලකා ආදරයෙන්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සුහදශීලීව ජීවත්වීම සඳහා මෙමගින් ඉමහත් පිටිවහලක් ලැබෙන අතර, සිය පවුලේ සාමාජිකයන් සමඟ සාමකාමීව එකතුවී, පැරණි හිත් අමනාපකම් අමතක කොට, මිත්‍රත්වයේ හා සහෝදරත්වයේ සමගිය පතුරුවාලමින් ජීවත්වීම සඳහාද මෙම තෛපොංගල් මංගල්‍යෙයන් සුවිශේෂී ආදර්ශයක් සැපයෙනු ඇතැයි මම විශ්වාස කරමි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම හින්දු බැතිමතුන් වෙත, කෘතවේදීත්වයෙන් සපිරි සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවා.!
latest Nike Sneakers
|
balerínky