Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th January 2016 15:33:08 Hours
‘ගාඩියන්ස් මේලා’ ඇතුගල්පුර දී උත්කර්ෂවත් අයුරින් නිමා වේ
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබලුන්ගේ සුබසාධන කටයුතු සඳහා වාර්ෂික මුදල් එක්රැස් කිරිමේ ව්‍යාපෘතියක් වන ‘ගාඩියන්ස් මේලා - 2015’, ‘වසර අවසාන වින්දනීය වෙනසක්’ තේමාව යටතේ පසුගිය දෙසැම්බර් 28 සිට 31 දක්වා කුරුණෑගල, මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත් වූ අතර‚ එම වැඩසටහන සඳහා ලක්ෂ දෙකකට අධික ජනකායක් සහභාගි වූ බවට වාර්තා විය. මෙම දැවැන්ත ප්‍රසංගයේ දී සන්ෂයින්, සන්ෆලවර්, සීදූව සකුරා සහ ෆැල්ෂ්බැක් වැනි ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල විනෝදාස්වාද සමගින් විශාල වෙළඳ ප්‍රදර්ශනයක් ද පැවති අතර, එහි දි සියලු ගෘහ උපකරණ, නිමි ඇඳුම්, සාම්ප්‍රදායික රසකැවිලි වර්ග, ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය දෑ සහන මිලට අලෙවි කරන ලදී. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ උපදෙස් අනුව සංවිධානය වූ මෙම ප්‍රසංගය වයඹ පලාතේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් වූ අතර, අනෙකුත් විනෝදාස්වාද වැඩසටහන්වලට අමතරව දින හතර පුරා පැවති රාත්‍රි මල්වෙඩි සංදර්ශනයෙන් මෙය තවත් වර්ණවත් විය. පිළිවෙලින්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.එච්.එම්.ඩබ්.බී. තම්මිට, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඊ.එම්.එම්. අඹන්පොල සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා විසින් උත්සවාකාරයෙන් ගාඩියන්ස් මේලා - 2015 විවෘත කරන ලදි. මෙතෙක් කුරුණෑගල පැවති දැවැන්ත ජනකායක් එක්රැස් වූ විශාලතම ප්‍රසංගය මෙය වන අතරසේනානායක වේරලියද්ද, ශානිකා වනිගසේකර, තික්ෂණ අනුරාධ, ජින්ජර් වයිට්, රොමේෂ් සුගතපාල, සුරේන්ද්‍ර පෙරේරා, නදිනි ප්‍රේමදාස, අමිලා නදීශානි, ශෂිකා නිසංසලා, ලහිරු පෙරේරා, රුවන් හෙට්ටිආරච්චි, ගයනි මධුෂා මෙන්ම බයිලා ගායකයින් ඇතුලු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මේ සඳහා සහභාගි වූහ. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් මෙහිදි එක්රැස් කර ගන්නා මුදල් ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා මෙන්ම සියලු නිලයින්ගේ සුබසාධන කටයුතු සඳහා ද යොදවනු ලැබේ.
Authentic Sneakers
|
Nike SB