Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2015 14:36:21 Hours

ඇමරිකානු ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් යුද හමුදාපතිතුමා සමග සුහද පිළිසදරක නිරත වේ

දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇමරිකානු ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ඒමි සීරයිට් ඇතුළු ඉහල ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් සිකුරාදා (18) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදා මූලස්ථානයේදී හමුවු අතර එහිදී ශ්‍රී ලංකා හමුදා එක්සත් ජාතීන්ගේ සාම සාධක රජකාරීන් සදහා යෙදවීමඑ, එහි පෙර සූදානම, කුකුලේගඟ සාමසාධක පුහුණු ආයතනයේ සිදුකෙරෙන පුහුණු කිරීම් හා බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කෙරිනි. මෙම හමුවේදී ආචාර්ය සීරයිට් විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක රජකාරීන් සඳහා ශ්‍රී ලංකා හමුදාවන් දක්වන සහය ඉතා අගය කල අතර ඉදිරියටත් එම සහය ලබාදීම පිළිබද සිය අදහස් පලකරන ලදී. මෙහිදී අදහස් දැක්වු යුද හමුදාපතිතුමා කුකුලේගඟ සාමසාධක අයතනයේ ලබාදෙන පුහුණුව මගින් සාමසාධක සෙබළුන් ජාත්‍යන්තර මට්ටමේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීමට හැකියාව ලැබී ඇති බව පෙන්වා දී ඇත. තව දුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිතුමා ශ්‍රී ලංකා හමුදා බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් උතුරේ විශාල භූමි ප්‍රදේශයක බිම්බෝම්බ ඉවත් කර ඇති බවත්, වසර කිහිපයක දී බිම්බෝම්බ ඉවත් කිරීමෙන් ලබාගත් ප්‍රගතිය ලෝකයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියන් හී ඉතිහාසයේ නව සංදිස්ථානයක් සනිටුහන් කරන බවත් පැවසීය. සහකාර ලේකම් හා යුද හමුදාපතිතුමා හමුව අවසානයේදී සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය. මෙම හමුව සඳහා ඇමරිකානු දූත පිරිසේ අනෙකුත් සාමාජිකයින් වන කෙවින් ස්හොව්, ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් රොබට් නොක්ස් රොස්, ලුතිතන් කර්නල් සැන්ෆෝඩ් යන නිලධාරීන් සහභාගී වු අතර, ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර් රත්නසිංහම් හා ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න සහභාගී විය. ආසියානු ෆැසිපික් කලාපයේ ආරක්ෂක කටයුතු පිළිබද සහකාර ලේකම් කාර්යාලයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් වශයෙන් ආචාර්ය සීරයිට් කටයුතු කරන අතර, එම කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක වශයෙන් ද කටයුතු කරයි. ඇය විසින් පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය හැර ඉන්දියාව ඇතුළු අනෙකුත් දකුණු ආසියානු රටවල් සහ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆැසිපික් දූපත් රාජ්‍යන් හා නැගෙනහිර තිමෝරය ඇතුළු අග්නිදිග ආසියානු රටවල් සමග ද්විපාර්ශික ආරක්ෂක සබඳතා ඇතිකරගැනීම පිළිබද වගකීම දරණු ලබයි. ඇය 2012 ඔක්තෝබර් මස නැගෙනහිර ආසියානු කලාපයේ ප්‍රධාන අධ්‍යක්ෂ වශයෙන් ඇමරිකානු ආරක්ෂක ලේකම් කාර්යාලයට පත්වීම් ලැබු අතර, ඊට පෙර ඇය විසින් අන්තර්ජාතික සංවර්ධනය පිළිබද ඇමරිකානු ඒජන්සියේ ආසියානු කලාපීය ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක වශයෙන් සේවය කළේය. ආචාර්ය සීරයිට් ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබද තම පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. Sportswear free shipping | Nike Air Max 270