Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2015 16:04:46 Hours

මුලතිව් වැසියන් සඳහා වියලි සලාක බෙදා දෙයි

මුලතිව් ප්‍රදේශයේ දිළිඳු පවුල් 200 ක් සඳහා වියලි සලාක, නිමි ඇදුම් සහ රෙදි තොගයක් බදාදා (22) දින කෝකිලායි රජමහා විහාරයේ දී බෙදා දෙනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් 59 වන සේනාංකයට අයත් 592 බල සේනාවේ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාව මෙම සත්කාර්යය සංවිධානය කරන ලදී. කැළණිය ගුරුකුල මිතුරු සංසදය මෙ සඳහා අනුග්‍රහය දැක්වීය. මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර, ගුරුකුල මිතුරු සංසදයේ සාමාජිකයින්, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්වූහ.Running Sneakers | Ανδρικά Nike