Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2015 15:57:30 Hours

අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා සෙබලුන්ගේ සහායෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 බලසේනාව යටතේ වන 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් විවේකානන්ද විද්‍යාලයේ මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් පසුගිය ඉරිදා (22) දින පවත්වන ලදි. ඒ අනුව නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට හැකි වූ අතර, ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයන් ආවරණය වන පරිදි පැවැත් වූ මෙම සම්මන්ත්‍රණය සඳහා විභාග අපේක්ෂකයෝ 247 දෙනෙක් සහභාගි වූහ. නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.පී.ඒ. නිශාම් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ දෙවන අණදෙන නිලධාරී මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.best Running shoes | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival