Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2015 15:50:54 Hours

2 සිංහ රෙජිමේන්තුව සහ 22 ජාතික ආරක්ෂක බලමුළුවෙන් ශ්‍රමදාන වැඩසටහන්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන ආරක්ෂක කඳවුරුවල සාමාජිකයෝ බ්‍රහස්පතින්දා (19) දින ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කලහ. ඒ අනුව 111 බල සේනාව යටතේ වන 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලු මහනුවර ගඟවටකෝරළේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බහිරවකන්ද විහාරස්ථානය පිරිසිදු කිරීමේ යෙදුනි. එහි අණදෙන නිලධාරිගේ උපදෙස් මත සිදු කළ මෙම කර්තව්‍යය විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් ස්වාමින් වහන්සේලාගේ ඇගයීමට ලක්වූහ. මේ අතර 112 බල සේනාව යටතේ වන 22 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ද එදිනම නෝර්ටන් බ්‍රිජ් චන්ද්‍රා වැඩිහිටි නිවාසයේ ශ්‍රමදානයක් ක්‍රියාත්මක කලහ. එමෙන්ම එහි නේවාසික වැඩිහිටියන් වෙනුවෙන් දිවා ආහාරය ද පිරිනැමීය.Asics footwear | NIKE HOMME