Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

23rd November 2015 20:41:25 Hours

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය 17 වන සංවත්සරය සමරයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟ පෙන්වීමෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන 17 වන සංවත්සරය නිමිත්තෙන් සිකුරාදා (20) දින වව්නියාව එම මූලස්ථානයෙහි සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබීය. මිරිසවැටිය විහාරවාසී පූජ්‍ය ඇතාවැටුණුවැව ඥාණරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය 15 නමකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව පැවැත්වූ අතර, සංස්කෘතික නර්ථනාංගයන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවනු ලැබීය. පසු දින මහා සංඝ රත්නය වෙත හීල් දානය සහ අටපිරිකර පූජා කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, බලසේනාධිපතිවරුන්, අණ දෙණ නිළධාරීන් සහ යුද හමුදා සෙබලුන් බොහෝ පිරිසක් සහභාගි වූහ.