Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2015 19:58:35 Hours

බටහිර ආඥාපති ක්ෂේත්‍ර සංචාරයක

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස රාජකාරි ඇරඹීමෙන් පසු 141 බල සේනාවේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණියේ ද අඟහරුවාදා (17) දින සංචාරයක නිරත විය. එහි දී ආඥාපතිවරයා පිළිගැනීමට 141 බලසේනාධිපති, 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණියේ අණදෙන නිලධාරි ඇතුළු පිරිස ඒඒ ස්ථානවල දී කටයුතු කලහ. එදිනම මේජර් ජෙනරාල් රණසිංහ විශේෂ හමුදා ආරක්ෂාව සඳහා යොදවන සෙබලු ද හමුවී කරුණුකාරණා විමසීය. එහි දී හෙතෙම ඒඒ ප්‍රදේශවල ආරක්ෂක තත්වය නිවැරදිව පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ලබාදුනි. latest jordans | AIR MAX PLUS