Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2015 22:58:26 Hours

මිත්‍රත්වයේ සංචාරයකට පැමිණි චීන නියෝජිතයෝ යුද හමුදාපති හමුවේ

තුන් දින සුහද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිස් දෙදෙනෙකුගෙන් සමන්විත චින මහජන හමුදාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නියෝජිත පිරිසක් සඳුදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවූහ. චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය දේශපාලන අංශ ප්‍රධානි ලුතිතන් ජෙනරාල් වූ ජියැමින් ප්‍රමුඛ මේජර් ජෙනරාල්වරු තිදෙනෙක්, කර්නල්වරු විසි හය දෙනෙක්, ලුතිතන් කර්නල්වරයෙක් සහ සිවිල් නිලධාරියෙක් මෙම නියෝජිත පිරිසකට අයත් වූහ. යුද හමුදාපතිතුමා සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා සඳහා චීන නියෝජිත පිරිසේ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් වූ ජියැමින් ඇතුළු ජ්‍යෙෂ්ඨ චින හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිදු කරන පුහුණු කටයුතු සහ දෙරටට වැදගත් වන පුහුණු අවශ්‍යතා මෙන්ම දිගු කාලීන දෙරට අතර වන සබඳතා පමණක් නොව තවත් වැදගත් ආරක්ෂක කරුණු රැසක් පිළිබඳව මෙහි දී කතාබහ කෙරිනි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිරි කටයුතු සුබවාදිවීමට මෙම විදෙස් නියෝජිත පිරිසේ ආශිංසන පිරිනැමීය. සුපුරුදු පරිදි සිදු කෙරෙන සමරු තිළිණ හුවමාරුව ද මෙම නියෝජිත පිරිස හා යුද හමුදාව අතර සිදු කෙරුනේ සිය හමුවීම සිහිපත් කරවීමටය. ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලයේ හමුදා, නාවික සහ ගුවන් උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් ද මෙම හමුවට එක් වූවේය. යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ මෙහෙයුම් බ්‍රිගේඩියර් එච්.එම්.ජේ.කේ ගුණරත්න යුද හමුදාව සහ එහි කාර්යභාරය පිළිබඳව මෙම නියෝජිත පිරිස දැනුවත් කරමින් ඉදිරිපත් කිරීමක් ද සිදු කළේය. මෙම නියෝජිත පිරිසේ සංචාරක කාලසටහනට අනූව මෙරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ද හමුවීමට නියමිත අතර, සංචාරක වැදගත්කමක් ඇති ස්ථාන කිහිපයක් නැරඹීමට ද මෙම තෙදින නිල සංචාරය තුල දී සැලසුම් කොට ඇත. 1976 වසරේ දෙසැම්බර් මස චීන මහජන හමුදාවට නිලධාරියෙක් ලෙස එක් වූ ලුතිතන් ජෙනරාල් වූ ජියැමින් මේ වන විට චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය දේශපාලන අංශ ප්‍රධානි ලෙස කටයුතු කරයි. නව තනතුරට පත්වීමට ප්‍රථම හෙතෙම තවත් වැදගත් තනතුරු රැසක් ඉසිලූ අතර, 2015 වසරේ සැප්තැම්බර් මස ලුතිතන් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීය.Nike air jordan Sneakers | Nike Shoes