Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2015 22:56:56 Hours

7 වන විජයබාහු පාබල රෙජිමේන්තුව 23 වන සංවත්සරය සමරයි

7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි 23 වන සංවත්සර උත්සවය එම රෙජිමේන්තු අණදෙන නිළධාරී මේජර් ඒ.වී.ඒ.ආර්.කේ අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යාපනය වැලිවැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටා තිබෙන 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. සංවත්සරය නිමිත්තෙන් විජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් අණදෙන නිළධාරී හට ආචාර සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. එමෙන්ම සංවත්සරයට සමගාමීව පැළයක් රෝපණය කිරීම, සියලු නිළයින් ඇමතිම මෙන්ම සියලු නිලයින් සඳහා දිවා භොජන සංග්‍රාහයක් පැවැත්වීම ද එදින සිදුකෙරිනි. අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීම සහ රණක්ෂිතයට පත් වූ රණවිරුවන් හට සුවය පතමින් 7 වන විජයබාහු රෙජිමේන්තු අණදෙන නිළධාරී අතුලු සියලු නිළයින්ගේ සහභාගීත්වයෙන් බෝධි පූජා වැඩසටහනක් ද පවත්වනු ලැබීය. best Running shoes brand | Nike