Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2015 22:27:10 Hours

65 වන සේනාංක දීපාවලී සැමරුම හා රුක් රෝපන වැඩසටහන

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සෙබලුන් විසින් පසුගිය අඟහරුවාදා (10) දින අයියනායක කෝවිලේ දී හින්දු බැතිමතුන් සමඟ එක්ව දීපවාලී උත්සවය සමරන ලදි. මෙහි සියලු කටයුතු 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධනගේ උපදෙස් මත සිදු කෙරුණූ අතර, මේ සඳහා 65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරී, අනෙකුත් නිළධාරීන්, සෙසු නිළයින් මෙන්ම සිවිල් වැසියන් ද බොහෝ පිරිසක් ද සහභාගි වූහ. එමෙන්ම 65 වන සේනාංකයේ සෙබලුන් විසින් “වන රෝපා” වැඩසටහනට සමඟාමීව නොවැම්බර් මස 10 සහ 11 යන දිනයන්හි 651 සහ 653 බලසේනා පරිශ්‍රයන් තුල පැළ 100 ක් රෝපණය කරන ලදි. 651 සහ 653 බලසේනාවේ, 15 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මෙන්ම 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් ද මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා දායකවිය.Buy Sneakers | Zapatillas de running Nike - Mujer