14th June 2025 17:58:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජුනි මස 13 දින 7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාර පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.ඩබ්ලිව් විශ්වමිත්‍ර psc විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් එම ඒකකයේ වත්මන් කාර්යභාරය සහ වගකීම් ක්ෂේත්‍රයන් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.
පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.