Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2025 13:21:44 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශය තුළ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජුනි මස 12 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිදුකළ නිල සංචාරය අතරතුරදී 2 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය, 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකාය සහ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා ඒකකන්හි නිල සංචාරයක නිරතවිය.

එම ඒකකයන්හි අණදෙන නිලධාරින් සංචාරයේ නිරත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. එ්කක මූලස්ථානයන්හිදී භටපිරිස් ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් විනය, වගවීම සහ ස්වේච්ඡා ඒකකන්හි කාර්යභාරය පිළිබඳව පෙන්වාදෙන ලදී. එහිදී, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහය දැක්වීමේ වැදගත්කම පිළිබඳව ද පෙන්වාදෙන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමූහ ඡායාරූප සඳහා පෙනීසිටි අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය. මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.