09th June 2025 13:46:53 Hours
17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 05 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මානුෂීය මෙහෙයුම් වලදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සැමරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම වැඩසටහනේදී 512 පාබල බලසේනාවේ, 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ සහ 14 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කරන ලදී.
මෙම වැඩසටහන 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ගේ මඟපෙන්වීම මත 512 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ යාපනය ශික්ෂණ රෝහල සමඟ එක්ව පවත්වන ලදී.