Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2025 16:55:35 Hours

ලෝක පරිසර දිනයට සමාගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ වැඩසටහනක්

ලෝක පරිසර දිනය යෙදී තිබෙන 2025 මස 05 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘ප්ලාස්ටික් භාවිතය නවතමු’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහනට සමගාමීව, පරිසර හිතකාමී සහ තිරසාර සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2025 මැයි මස 30 සිට ජුනි මස 05 දින දක්වා වූ සතිය පරිසර සතිය ලෙස නම්කර තිබිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. එහිදී, පාරිසරික සංරක්‍ෂණය සඳහා වූ කැපවීම සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා මූලස්ථාන රථ වාහන අංගන පරිශ්‍රයේ ‘මී’ පැළයක් රෝපණය කරන ලදී.

මෙම වැඩසටහන යටතේ යුද්ධ හමුදා මූලස්ථානය අවට ජල පෝෂක ප්‍රදේශ ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් ‘මී’ පැළ රෝපණය කරන ලදී.

Alliance Finance පුද්ගලික සමාගම විසින් මෙම වැඩසටහන සඳහා පොල් සහ අඹ පැළ 20,000 ක් පරිත්‍යාග කළ අතර, එයින් පැළ 500 ක් උත්සවය අතරතුරදී සංකේතාත්මකව භාරදෙන ලදී. මෙම පැළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත භාරදුන් අතර එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ඔස්සේ යුද්ධ හමුදා කඳවුරු වෙත භාරදෙනු ලබයි.