18th May 2025 07:18:18 Hours
දකුණු සුඩානයේ බෝර් හි පිහිටි SRIMED දෙවන මට්ටමේ රෝහල 2025 මැයි 12 දින වෙසක් පොහොය දිනය සමරනු ලැබීය.
සැමරුම් උත්සවයේ කටයුතු බෝධි පූජා පිංකමකින් ආරම්භ වූ අතර, ඉන් අනතුරුව බෞද්ධ දර්ශණය පිළිබඳව දැක්වෙන වාර්තා චිත්රපට, වෙසක් පහන් කූඩු සංදර්ශනයක්, සංස්කෘතික බැති ගී ප්රසංගයක් සහ දන්සලක් වැනි වැඩසටහන් රාශියක් පවත්වනු ලැබූහ.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් මූලස්ථානයේ සිවිල් සහ හමුදා නිලධාරින් රැසක් සහභාගි වූහ.