14th May 2025 12:18:48 Hours
ලොව පුරා ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය 2025 මැයි මස 12 දින වෙසක් පොහොය දිනයෙන් අවසන් විය.
පසු දින , ශ්‍රී පාදස්ථාන උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, ධාතු කරඬුව සහ දේව ආභරණ වැඩම කිරීමේ පූජනීය උත්සවය ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.