02nd May 2025 15:25:17 Hours
‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 4 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානය ප්රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 26 සිට 30 දින දක්වා ක්රියාත්මක කරන ලදී.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය මත ක්රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා ශ්රී ලංකා ගුවන් හමුදා නිලධාරින්ගේ සහ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්ගේ ශ්රම දායකත්වය ද හිමිවූහ.