02nd May 2025 15:11:53 Hours
ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරේ තවත් එක් කොටසක් ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම සහ 212 හා 561 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය මත භටපිරිස් විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්රදේශයේ ස්ථාපිත පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 20 වන දින පවත්වන ලදී.