‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 2025 පෙබරවාරි මස 20 දින ආරම්භ කළ ‘තෝරාගත් පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට’ සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කළ පාසල් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර ඇත. අධ්‍යාපනික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රට පුරා අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් අනර්ඝ අධ්‍යාපන වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
මෙම ව්‍යාපෘතියට සමගාමීව, යුද්ධ හමුදාව වෙතින් අබලන්ව පැවති මේස සහ පුටු 5,500 කට අධික ප්‍රමාණයක් අළුත්වැඩියා කිරීම, දිරාපත්ව පැවති වහලවල් නැවත සකස් කිරීම, පින්තාරු කිරීම සහ පාසල් ගොඩනැඟිලි 300 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම සහ අබලන්ව පැවති ගොඩනැඟිලි අළුත්වැඩියා කිරීම ප්‍රධාන වශයෙන් සිදුකෙරිණි. එමෙන්ම, නව වැටවල් ඉදිකිරීම, හානියට පත් වැටවල් ප්‍රතිසංස්කරණය කිරීම සහ පාසල් ප්‍රවේශ මාර්ග අළුත්වැඩියා කිරීම ද යුද්ධ හමුදා භටපිරිස් විසින් සාර්ථකව සිදුකරන ලදී.
රටතුල අධ්‍යාපන පහසුකම් වැඩදියුණු කිරීම සඳහා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියයේ සාර්තකත්වය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම සෘජුවම දායක වූ අතර සිවිල් වැසියන්, එම පාසල් වල ගුරුවරුන්, සිසු සිසුවියන්, දෙමාපියන් සහ දානපතියන්ගේ සහයෝගය ද හිමි විය.