අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 01 දින ආරම්භ කෙරුණු අතර, එහි පළමු අදියර යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Save Nilwala’ ව්‍යාපෘතිය 2025 මාර්තු මස 13 දින ආරම්භ කෙරිණි. ඒ යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අකුරැස්ස ප්‍රදේශයේ නිල්වලා ගං ඉවුරු පිරිසිදු කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව මෙම වැඩසටහන සඳහා 3 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකා භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
‘Save Nilwala’ වැඩසටහනේ දෙවන අදියර යටතේ නිල්වලා ගං ඉවුර මාසයක කාලසීමාවක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 01 දින ආරම්භ කෙරුණු අතර එම වැඩසටහන 2025 මැයි මස 01 දින දක්වා පැවැත්වීමට කටයුතු කරනු ලබයි. යුද්ධ හමුදා භට කණ්ඩායමක් දෛනිකව මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 2025 අප්‍රේල් මස 07 දින වනවිට, එම ගඟ දෙපස ගං ඉවුරේ මීටර් 850 ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කර තිබිණි.