30th April 2025 15:29:30 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව 5 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ, එම ඒකකයේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 22 දින අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර ලබාදෙන ලදී.
නවතමයෙන් ඉදිකරන ලද නිවස 581 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.කේ.බී අබේරත්න RWP RSP USP psc විසින් ප්‍රතිලාභි පවුල වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රජ්‍ය නිලධාරින්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.