Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2025 21:56:55 Hours

මැණික් ගඟේ දියනෑමට ගොස් ගසාගෙන ගිය මව සහ දරුවෙකු 3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් බේරා ගනු ලැබීය

මැණික් ගඟේ දිය නෑමට ගොස් සිටියදී 2025 අප්‍රේල් මස 26 දින සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි මවක් සහ ඇගේ දරුවා මුදවාගැනීමට 3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සමත් විය. වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.