24th April 2025 16:06:58 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 අප්‍රේල් මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිවිල් සේවක මහත්වරුන් 34 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සචේතා හේවගේ මහත්මිය සහභාගි වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් පිරිසක් ද වැඩසටහන සඳහා සහභාගි වූහ.