Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2025 16:00:56 Hours

4 බලඇණිය ගැමුණු හේවා බලකාය සුභසාධන වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් වාලච්චේන යෝගසුවාමි හින්දු බාලිකා ළමා නිවාසයේ ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සහ දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 17 දින පවත්වන ලදී.

සිංහ සමාජය විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිංහ සමාජයේ සාමාජිකයින් ද සහභාගී වූහ.