Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2025 16:10:42 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්, උපකරණ පාලන නිලධාරින් අධිකාරියට පත්කිරීමේ පුහුණු පාඨමාලා අංක - 7, හැදෑරූ නිලධාරින් ආමන්ත්‍රණය කරයි

ත්‍රිකුණාමලය, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී 2025 ජනවාරි මස 06 දින සිට 2025 අප්‍රේල් මස 02 දින දක්වා නිලධාරින් 99 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලද උපකරණ පාලන නිලධාරි පුහුණු පාඨමාලා අංක - 7, සාර්ථකව අවසන් විය.

යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් එම පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබූ උපකරණ පාලන නිලධාරින්ව 2025 අප්‍රේල් මස 17 දින ආමන්ත්‍රණය කරන ලදී.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් භඨකාර්ය සම්පාදන කටයුතුවල කාර්යක්‍ෂමතාවය සහ මෙහෙයුම් සූදානම වෙනුවෙන් උපකරණ පාලන නිලධාරින්ගේ කාර්යභාරය පිළිබඳව අවධාරනය කරන ලදී. පසුව, එතුමන් පාඨමාලාව සාර්ථකව අවසන් කල එම නිලධාරින් ඇඟයීමට ලක්කරමින්, භඨකාර්ය සම්පාදන කටයුතු කළමනාකරණය, සම්පත් මනා ලෙස භාවිතා කිරීම සහ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා තමන් ලබාගත් දැනුම යොදා ගන්නා ලෙසත් එම කටයුතු වල නිරතවීමේදී විනය, අඛණ්ඩතාව සහ වෘත්තීය විශිෂ්ටත්වය ආරක්‍ෂා කරගනිමින් කටයුතු කරන ලෙසත් ඔවුන් දිරිමත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.