Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2025 16:11:00 Hours

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් කත්මණ්ඩු හි පැවති ජාත්‍යන්තර සමුළුව අමතයි

2025 මාර්තු මස 30 දින සිට අප්‍රේල් මස 1 දින දක්වා Consortium of South Asian Think Tanks (COSATT) සහ Konrad-Adenauer-Stiftung (KAS) යන සංවිධාන එක්ව නේපාලයේ කත්මන්ඩුහිදී සංවිධානය කරන ලද ජාත්‍යන්තර සමුළුව සඳහා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් කර්නල් එම්.බී.බී.එම් හේරත් RSP සහභාගී විය.

‘ලෝකය තුල දකුණු ආසියාවේ ස්ථාවරත්වය සහ ඒ සඳහා කලාපීය ඔරොත්තු දීමේ හැකියාව හැඩගැස්වීමේදී යුරෝපීය සංගමයේ කාර්යභාරය’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා විශේෂඥයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්‍ෂක විශ්ලේෂකයින් සහභාගී විය. මෙම සමුළුවේදී කර්නල් එම්.බී.බී.එම් හේරත් RSP විසින් දේශගුණික විපර්යාස, ආර්ථික අස්ථාවරභාවයන් සහ භූ දේශපාලනික වෙනස්වීම් ඇතුළු අන්තර්ජාතික ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ආර්ථික ආයෝජන සහ ආරක්‍ෂක සබඳතා හරහා දකුණු ආසියාවේ කලාපීය හැකියාව වැඩි දියුණු කිරීමේදී යුරෝපා සංගමයේ කාර්යභාරය පිළිබඳව ද අවධාරණය කරන ලදී.

මෙම සමුළුවෙන් පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි නේපාලයේ පිහිටි ජාත්‍යන්තර සහයෝගීතා කටයුතු පිළිබඳ ආයතනය (NIICE) සහ කත්මණ්ඩු, කළමනාකරණ විශ්වවිද්‍යාල පාසලේ විද්වතුන් සහ සිසුන් සඳහා දේශගුණික ආරක්‍ෂාව සහ උපායමාර්ගික හැකියාව පිළිබඳ දේශනයක් පැවැත්වීය.