Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2025 23:48:43 Hours

20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සිවිල්-හමුදා සම්බන්ධීකරණ වැඩසටහනේ තවත් අදියරක් ලෙස 2025 අප්‍රේල් මස 12 දින පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී ප්‍රජා සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. 221 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සමීර ගුණරත්න මහතා විසින් මෙම වැඩසටහන සඳහා සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

ඒ අනුව, එම ඒකක මූලස්ථාන බලප්‍රදේශයේ පිහිටි පරණමැදවච්චිය සහ තෙන්නමරම්වාඩිය ග්‍රාම නිලධාරී වසම්වල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී මව්වරුන් වෙනුවෙන් රුපියල් 5,000.00 කට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පර්සල් බෙදාදෙනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා නිලධාරින්, සෙසුනිලයන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි, ගර්භනී මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.