16th April 2025 23:49:43 Hours
1 බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් 2025 අප්‍රේල් මස 04 සහ 05 දෙදින තුළ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්විණි. අලුත් අවුරුදු සැමරුමට සමගාමීව 53 පාබල සේනාංකය වෙතින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP සහභාගි විය.
මේ අතර, 58 පාබල සේනාංකය වෙතින් 2025 අප්‍රේල් මස 08 දින පුත්තලම සින්නවිල්ලුවත්ත ක්‍රීඩා පිටියේදී සූර්ය මංගල්‍යය - 2025 ලෙස අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පවත්වන ලදී. සාම්ප්‍රදායික ක්‍රීඩා සහ සංස්කෘතික චාරිත්‍ර සමඟින් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP සහභාගි විය.