Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2025 23:49:26 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් සම්මන්ත්‍රණ මාලාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීමත්, ඒ යටතේ ස්ථාපිත සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ සහ ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - නැගෙනහිර ගේ අධීක්‍ෂණය මත එම මූලස්ථානයන් විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයන් 2025 අප්‍රේල් මස 3, 4, 5 සහ 6 දිනයන්හිදී පැවැත්විණි.

‘Mini Eastern Sentinel 2025’ නම් වූ 23 පාබල සේනාංකය වෙතින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමයභාවය සහ ජාතික සංවර්ධනය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය වැඩිදියුණු කිරීම යන තේමාව ඔස්සේ 2025 අප්‍රේල් මස 03 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි. 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා නිලධාරින්ගේ උපායමාර්ගික දැනුම සහ වෘත්තීමය දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින්, 24 පාබල සේනාංකයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් එම සේනාංකය වෙතින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය 2025 අප්‍රේල් මස 04 දින පැවැත්විණි.

නිලධාරින්ගේ උපායමාර්ගික දැනුම සහ වෘත්තීමය දැනුම වැඩිදියුණු කිරීම මෙන්ම වෙනස් වෙමින් පවතින ආරක්‍ෂක භූ දර්ශනය තුළ අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා ඔවුන්ගේ සූදානම සහතික කිරීම අරමුණු කරගනිමින් 22 පාබල සේනාංකය වෙතින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය 2025 අප්‍රේල් මස 05 දින එම සේනාංක පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණයන්හි සමාප්තිය සනිටුහන් කරමින් භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - නැගෙනහිර වෙතින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය 2025 අප්‍රේල් මස 06 දින 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.