Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2025 13:08:19 Hours

56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩි කරුණාපාල RSP ndu ගේ මඟපෙන්වීම අනුව වවුනියාව මූලික රෝහල් රුධිර බැංකුවේ සහයෝගය මත 2025 අප්‍රේල් මස 02 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

56 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකක යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 159 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගි වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

වවුනියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ විය.