11th April 2025 13:07:46 Hours
54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය මත 10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 11 දින එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන මඟින්, මන්නාරම/පළක්කුලි රෝමානු කතෝලික දමිළ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 29 දෙනෙකු වෙනුවෙන් පාසල් බෑග් සහ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම සිදුකරන ලදී. මල්වතු පාර්ශවයේ පූජ්‍ය මාපාකඩ පඤ්ඤාසාර හිමිපාණන්, චමීලා ප්‍රියදර්ශනී මහත්මිය සහ වත්සල කරුණාතිලක මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විදුහල්පති, පාසල් කාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.