Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2025 13:09:55 Hours

‘මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවති ‘මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන් කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP සහභාගි විය.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ආධුනික සෙබල බී.එස් චන්ද්‍රසිරි සම්මාන දිනාගත්තේය.