Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2025 11:18:35 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම භටපිරිස් අලුත් අවුරුදු සිරි සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් දියතලාව, මුතුකුමාරු ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක USP සහභාගි විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ගම හරහා දිවීම, ලිස්සන ගසේ නැඟීම, කොට්ට පොරය, කඹ ඇදීම, බාධක දිවීම, අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි විවිධ සාම්ප්‍රදායික ක්‍රීඩා රාශියක් පැවැත්විණි. උත්සවය සමාප්තියේදී ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.ඩී.ටී.ඩී ජයරත්න psc ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 19 දින 122 පාබල බලසේනා පරිශ්‍රයේදී බක්මහ උළෙලක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc සහභාගි විය.

122 පාබල බලසේනාවේ භටපිරිස් 2025 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

ආරක්‍ෂක සේනා මධ්‍යම භටපිරිස් අලුත් අවුරුදු සිරි සමරයි