Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2025 13:23:39 Hours

14 පාබල සේනාංකයේ 14 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න RWP RSP ndu ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් සංවත්සර දිනය වෙනුවෙන් 2025 අප්‍රේල් මස 06 දින සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.

සංවත්සර දින සැමරුමට සමගාමීව, කැලණිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජාවක් පැවැත්වූ අතර, 2025 මාර්තු මස 25 දින මරදාන, අරුල්මිදු හින්දු කෝවිලේදී හින්දු ආගමික පූජාවක් සහ පාතිමා අප ස්වාමිදූගේ දේවස්ථානයේදී ක්‍රිස්තියානි ආගමික පූජාවක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව, මහරගම අපේක්‍ෂා රෝහල් පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරු දැරියන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.