Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2025 13:49:35 Hours

වාසවිලාන්-පලාලි ප්‍රධාන මාර්ගය වසර 34කට පසු නිල වශයෙන් නැවත විවෘත කෙරේ

වසා දමා තිබූ වාසවිලාන්-පලාලි ප්‍රධාන මාර්ගය වසර 34කට පසුව, 2025 අප්‍රේල් මස 10 දින මහජනතාවගේ භාවිතය සඳහා නිල වශයෙන් නැවත විවෘත කරන ලදී. මෙම සිදුවීම දීර්ගකාලීන සැලසුමකට අනුව ශ්‍රී ලංකා රජයේ මඟපෙන්වීම යටතේ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ සහ මහජනතාවගේ ඉල්ලීම්වල ප්‍රතිඵයක් ලෙස මාර්ගය නැවත විවෘත කරන ලදී.

අධි ආරක්‍ෂිත කලාපය සහ යුද්ධ හමුදා කඳවුරු හරහා ගමන් කරන මෙම මාර්ගය, නැවත මහ ජනතාව සඳහා විවෘත කිරීමේදී ජාතික ආරක්‍ෂාව තහවුරු වන පරිදි ආරක්‍ෂක නීති රෙගුලාසි සහිතව නැවත විවෘත කරන ලදී. ඒ අනුව මෙම මාර්ගය නැවත විවෘත කිරීමත් සමඟ, සිවිල් ජනතාවට වාසවිලාන් සිට ගුවන් තොටුපළ දක්වා ඉක්මනින් ගමන් කළ හැකිවීම මෙන්ම අන්තෝනි පුරම් සහ මයිලඩ්ඩි හි පදිංචිකරුවන්හට වාසවිලාන් දක්වා ගමන්කිරීමට සහ ඔවුන්ට කන්කසන්තුරෙයි ගුවන් තොටුපළවෙත ඉතා ඉක්මනින් ගමන් කිරීමට ද හැකි වනු ඇත.