Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2025 13:49:01 Hours

සිරි දළදා වන්දනාවට යුද්ධ හමුදාව සිය දායකත්වය ලබාදෙයි

ගුණගරුක සමාජයක් බිහි කිරීම සඳහා බෞද්ධ පුනරුදයේ හැරවුම් ලක්‍ෂයක් වශයෙන් 2025 අප්‍රේල් මස 18 දින සිට අප්‍රේල් මස 27 දින දක්වා මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය.

ඉන් කලට වැසි ලැබී රටට සමෘද්ධිය හා සෞභාග්‍යය උදාවීම සහ සමගිය පිරිණු දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීම ප්‍රාර්ථනා කරනු ලබයි.

මෙම පූජනීය කටයුත්ත සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය සහ මහපෙන්වීම මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන සියලු බලසේනා, පාබල ඒකකයන්හි භටපිරිස් වල ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණීමට නියමිත දහස් ගණනක් වූ බැතිමතුන්හට අවශ්‍ය සනීපාරක්‍ෂක සහ මූලික පහසුකම් සූදානම් කරමින් පවතී.