Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2025 13:05:16 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම සහ මන්නාරම දිස්ත්‍රික් රෝහ‍ල් රුධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහයෝගය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල් පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

එම ප්‍රදේශයේ රුධිර අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් 118 දෙනෙකු මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.