Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2025 13:23:39 Hours

බදුල්ල-කොළඹ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

අධික වර්ෂාපතනය හේතුවෙන් 2025 අප්‍රේල් මස 6 දින බදුල්ල-කොළඹ දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර ප්‍රදේශයේ සිදු වූ නාය යෑම හේතුවෙන් අවට පස් කඳු දුම්රිය මාර්ගයට කඩාවැටීමෙන් දුම්රිය ගමනාගමන කටයුතු අඩාල විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 112 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 07 දින කඩිනමින් ක්‍රියාත්මක වී එම මාර්ගය යළි පිළිසකර කරමින් දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරන ලදී.