Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2025 12:07:13 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් 2025 වසර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

213 පාබල බලසේනාව වෙතින් 2025 අප්‍රේල් මස 05 දින ‘එරබදු උදානය 2025’ තේමාව ඔස්සේ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය. කඹ ඇදීම, කොට්ට පොර, අවුරුදු කුමාරා තේරීම ඇතුළු සංස්කෘතික හා විනෝදාත්මක ක්‍රීඩා රැසකින් මෙම අලුත් අවුරුදු උත්සවය වර්ණවත් විය.

213 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී.එම් ද සිල්වා RSP USP ගේ මඟපෙන්වීම මත මෙම අලුත් අවුරුදු උත්සවය පැවැත්විණි.

එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් 59 පාබල සේනාංකය විසින් අලම්පිල් හි පිහිටි ග්‍රීන් ජැකට් නිවාඩු නිකේතනයේදී මුලතිව් සහ කෝකිලායි ප්‍රදේශයන්හි පාසල් සිසුන් සඳහා සිගිති අලුත් අවුරුදු උත්සවයක් 2025 අප්‍රේල් මස 05 දින සංවිධානය කරන ලදී.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, තරුණ පරම්පරාව අතර සංහිඳියාව, සංස්කෘතික සමගිය සහ ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම මෙම උත්සවයේ අරමුණ වූ අතර, ඒ සඳහා සහභාගී වූ පාසල් සිසුන්ට නව අත්දැකීමක් එක්කරමින් අළුත් අවුරුදු සාම්ප්‍රදායික ක්‍රීඩා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් වල නිරත වීමට අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහභාගි වූ අතර, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මුලතිව් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් ජයවර්ධන මහතා, මනුසත් දෙරණ ව්‍යාපෘතියේ සභාපති, සෙසුනිලයන් සහ රජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

මේ අතර, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් 2025 අප්‍රේල් මස 09 දින තල්ලඩි ප්‍රදේශයේ පිහිටි එම කඳවුරු පරිශ්‍රයේදී අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති -වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහභාගි විය.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල RSP ndu ගේ මඟ පෙන්වීම යටතේ එම පාබල සේනාංකය විසින් 2025 අප්‍රේල් මස 16 දින වවුනියාව, නගර සභා ක්‍රීඩාංගණයේදී සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය - 2025, පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සමඟින් ජී.ඒ කුලතුංග මහත්මිය සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ සරත්චන්ද්‍ර මහතා ද සහභාගි වූහ.

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම හරහා දිවීම, අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, ග්‍රීස් ගසේ නැගීම, කඹ ඇදීම, කොට්ට පොර යන තරඟ ඉසව් ඇතුළු විවිධ සාම්ප්‍රදායික, සංස්කෘතික සහ විනෝදාත්මක වැඩසටහන් පැවැත්විණි.

නෙස්ලේ ලංකා (පුද්ගලික) සමාගම විසින් මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

තවද, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 19 දින මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවයක් හා සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සමඟින් එම මැතිනිය ද සහභාගි වූහ.

59 වන පාබල සේනාංකය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයක් සහ සංගීත ප්‍රසංගයක් පවත්වයි

56 පාබල සේනාංකයේ භටපිරිස් 2025 වසර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

59 පාබල සේනාංකයේ භටපිරිස් සිගිති අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

54 පාබල සේනාංකයේ භටපිරිස් 2025 වසර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

213 පාබල බලසේනාවේ භටපිරිස් 2025 වසර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි