Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2025 12:57:26 Hours

21 පාබල සේනාංකයේ 37 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්. ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 37 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 අප්‍රේල් මස 04 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

උත්සව අවස්ථාව සඳහා සේනාංක මූලස්ථානය වෙත පැමිණි සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනැමූ අතර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

සංවත්සර දින සැමරුමට සමගාමීව, එම කඳවුරු පරිශ්‍රයේදී ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී බෝධි පූජා වැඩසටහනක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුම් උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.